ෂාරුක් ඇමෙරිකාවේදී ආයෙත් රඳවාගෙන
ලොස් ඇන්ජලීස්හිදීය (එන්.ඩී.ටීවී.)
සුපිරි බොලිවුඞ් නළු ෂාරුක් ඛාන් තෙවැනි වරටත් ඇමෙරිකාවේ ගුවන් තොටුපොළකදී රඳවා ගෙන ප්‍රශ්න කිරීමට ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ සහ බලධාරීන් කටයුතු කළැයි ඉන්දීය පුවත් සේවා ඊයේ (12) වාර්තා කළේය.
ෂාරුක් ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර ඇතැයි ද ඉන්දීය පුවත් සේවා වැඩි දුරටත් පවසා ඇත. ‘හැමදාම මාව ඇමෙරිකාවේදී රඳවා ගන්නවා. දැන් ඉතිං මේක සාමාන්‍ය දෙයක්’ යැයි ෂාරුක් උපහාසයෙන් නිකුත් කළ එම ට්විටර් පණිවුඩයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
මෙවර ෂාරුක් රඳවා ගෙන පැය කිහිපයක් ප්‍රශ්න කළේ ලොස් ඇන්ජලීස් නුවර ගුවන් තොටුපොළේදීය. ඇමෙරිකාවට ඇතුළු වීමට හෝ ගුවනින් යෑමට හෝ නොහැකි ත්‍රස්ත කටයුතු සහ වෙනත් සාපරාධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන්ගේ නම් 80,000 ක් ඇති ලැයිස්තුවේ ‘ෂාරුක් ඛාන්’ නමැති අයෙක් ද වෙයි.
ෂාරුක් ගුවන් තොටුපොළට පැමිණෙද්දී, ගුවන් තොටුපොළ පරිගණක පද්ධතිය ආරක්ෂක අංශවලට ඒ ගැන අනතුරු අඟවා ඇත. ෂාරුක් පැය කීපයක් රඳවා ගෙන ප්‍රශ්න කෙරුණේ ඒ අනුවය.
ආරක්ෂක අංශ විසින් ෂාරුක් ‘ත්‍රස්තවාදියකු’ නොවේ යැයි තහවුරු කරන තුරු ඔහුට ගුවන් තොටුපොළේ රැඳී සිටීමට සිදුවිය. ඒ ගැන ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම්වරිය නීෂා බිස්වාල් සිය කනගාටුව පළ කළ බව ද පසුව වාර්තා විය.